Sunday, June 3, 2007

මතක තබාගන්න උපක්‍රම තියෙනවා

දුවේ, පුතේ ...

මතකය කියල කියන්නේ චක්‍රාකාරව හෙවත් වෘත්තාකාරව සිදුවන්නක්. එහි ස්වභාවය තමයි හෑම විටකම 100%ක් පාඩම් කරාම 50%ක් අමතක වන එක. ඔබට එයමෙහෙම තේරුම් ගන්න පුළුවන්. බෝලයක් වැනි වෘත්තාකාර දෙයක් දෙස පැත්තකින් බැලු කල පෙනෙන පැත්තටම අනෙක් පැත්ත වැසී ඇති බව. ඒ ලෙස තමයි මතකයට යොමු කරන දේ අමතක වෙන්නෙ. දැන් සිතන්න. ඔබට 100% ක්ම මටකහ තබා ගන්නට නම් කළ යුත්තෙ කුමක්ද? කියල. කළ යුතු දේ තමයි 200% ක් පාඩම් වැඩවල නිරතවිම.

ඊළඟට හදම, පසේ. මටකහ ගබාගන්නට හැකියාව ඇති උපක්‍රම හෙවත් ක්‍රම වේද ගැන ඔබ සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට ගත යුතු දේ තමයි “පැප්රහ ූ චකමි ” වැනි ඖෂධ පාවිච්චි නොකළ යුතු බව. ඉන් ඇතිවන ඵලක් නෑ.... ඵලක් වුනත් එය ඔබ තුළ ඇති දක්‍ෂතාවයකින් හෝ ශක්තියකින්, හැකියාවකින් සිදු වුවක් නොවෙයිනෙ. එය හරියට “තහනම් ඖෂධ පාවිච්චි කරල” ධාවන තරගයක් ජය ගත්තා වගේ වැඩක්. මටකහ තබාගන්න මුලික වන ප්‍රධාන ඉන්ද්‍රියක් තමයි, කණ. ඔබ ඉගෙන ගන්නා දේ කන් වලට ඇසෙන්න කියවනව නම් එය මටකහ හිටීමට ප්‍රබල සහයෝගයක් දෙනව. කොටින්ම කියනවා නම් 70% ක්ම මටකහ හිටින්නෙ කටින් ශබ්ද නගා කියා හෝ වෙනත් විධිහකින් කන් වලට ඇසෙන දේයි.

ඔබම සිතන්න. කන් දෙකට නැසෙන කෙනාට අප කියනව බිහිරි පුද්ගලය කියල. උපතින්ම බිහිරි වු කෙනා ගොළුයි. ගොළුයි කියල කියන්නෙ කථා නොකරනව කියන එක. සමහරෙක් සිතනව ගොළු, ගොළු කෙනා කථා නොකරන්නෙ දිව කොට නිසා කියල. එය වැරදියි. එයාගෙ කටේ වරදක් නැහැ. දිව කොටත් නැහැ. එත් එයාට කථා කරන්න මතකෙ තබාගන්න ඇහිච්ච දෙයක් නැහැ. ඇයි. එයා බිහිරියි. එහෙම නම් හොඳින් කථා කරන්න. දක්‍ෂ කථිකයෙක් වෙන්න, හොඳට ඇසෙන සවන් ඉන්ද්‍රියක් තිබිම ඉතාම වටිනව. එතකොට උගතෙක් වන්න. හොඳ නරක දැනගෙන හොඳ මනුස්සයෙක් වන්න අනිවාර්යෙන්ම ඇසිම තිබිය යුතුමයි.එහෙම නම් ඇස් දෙකෙන් පෙනෙන දේ අපට මතක සිටින්නෙ 30% ක් පමණයි. නැදෑය, නැතහොත් තමාගෙ සමීපයෙන් ස්ට්න කෙනා අඳුන ගනිවී, මටකහ තබා ගනීවි. හැබැයි උගතෙක් වන්නට බැහැ. තවමත් උගතුන් අතරට ගොළු වු අය සම්බන්ධ වෙලා නෑහැ. සඤ්ඤ භාෂාවක් තිබුණත් එය මහා බහුශ්‍රුතයකු බවට පත් කිරිමට තරම් රුකුලක් වන්නෙ නැහැ. එහෙම නම් දුවේ, පුතේ ඔබත්, හොඳට සවන් ඇසෙද්දි ඉන් ප්‍රයෝජනයක් නොගන්නා නිසා නේද? විභාග අමාරුයි. එවා අසමත් වෙන්නෙ. ඇස් දෙක නොපෙනුනන් හොඳට කන් ඇහෙනට නම් හොඳින් ඉගෙන මහාචාර්ය්‍ර්‍ය, සංගීත විශාරද, ගණකාධිකාරි, වගේ උසස් තත්වලට පත් වෙච්ච අය කොතරම් ඉන්නවාද? අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙ බොහොම පිරිසක් සිටිනව උසස් අධ්‍යාපනය හදාරමින් දෙනෙත් අන්ධවු අය.එමඟින් ඔබට වැටහෙනව නේද මතකය සඳහා කන් දෙක විශාල මෙහෙවරක් කරන බව. විහෙෂයෙන් හොඳින් වැඩුණු මොළයක් ඇත්තාට දෙනෙත අන්ධ වුවත් මන්ද හෝ මුග්න. බුද්ධි තත්ව වලට පත් නොවි උසස් ලෙස අධ්‍යාපනය කර ගන්නට පුළුවන්.

ඉතින් දුවේ, පුතේ. ඔබට කණත්, අසුත්, හොඳට පිහිටා තිබෙනවා. ඒත් විභාග අසමත් කර ගන්නව. ඇයි ඒ, හේතුව තමයි කටිනුත්, ඇස් දෙකෙනුත්, කන් වලිනුත් නිසි ලෙස ප්‍රයොජන නොගැනීම. ඒ නිසා ඔබට වඩාත් යමක් මතක තබාගන්නට වුවමනා නම්, විභාහග සමත් කරගැනීමම ආශා නම් කරුණාකර අධ්‍යාපනය කරන විට හොඳින් කියවා, කන්වලට ඇසෙනසේ හඬ නගා, හැඳැරීමෙන් මතකය වර්ධනය කරගත යුතුයි. තව දුරටත් මටකහ තබා ගැනිමට කොටස් වශයෙන් පාඩම් කරන්න. ගාථාවක් නම් පළමුව පදෙන් පදේ මටකහ තබාගෙන පසුව පද හතරම මතකයෙන් කියන්න. එවගේම පාඩම් කරන දේහි ප්‍රධමයෙන් තිබෙන වචන හෝ අකුරු මටකහ තබා ගන්න. නිදසුනක් ලෙස ගනිමු. අපට අවශ්‍යයි. ජයමංගල ගාථාවල මුල මතක තියාගන්න කියල. එය “බා, මා, නා, උ, ක, ස, න,දු, ඒ ” කියලා පාඩම් කරන්න. බා කියන්නේ බාහුන් සහස්ස, මා කිව්වේ “මාරාතිරේක” වගේ. අපි හිතමු ආවර්ථිතා වගුව පාඩම් තබා ගන්න ඕන කියල. ඊට එම නම් වලින් කවියක් සාදා ගන්න පුළුවන්. මුල අකුරු අරගෙන මෙහෙම කියමුකො.

“හලී හිලී ලිතී බෙරි - බෝරො ළගට අඟුරු
නයිට්‍රි ඔක්ෂි ප්ලුවොරි - නියොන් ළගට සොරු”

දැන් මේ වචන වලින් “හයිට්ට්‍රජන්, හිලී කියන්නේ හීලියම් කියල අපට සිතා ගන්න පුළුවන්.

තවත් දෙයක් තමයි, දරුවනේ, පාඩම් සිටින්නට නම් අප අළුයම් වේලාවෙ පාඩම් කළ යුතුයි. ලියන, ගණක් හඳන වැඩ සැන්දැ කාලයට කරගෙන අළුයම් වේලෙත් උදේ 9 -10 වනතෙක් වත්, අවම වශයෙන් නිවාඩු දිනවග න්‍ත් පාඩම් කිරිම් කළ යුතුයි.එළිමහකන පාඩම් වැඩ වල නිරත වෙන්න පුළුවන් නම් මතකය තබා ලැනීමට එයත් රුකුගක් වෙනව. යාළුවන් සමග සාකච්ජා කිරීමත් පාඩම් තබා ගැනීමට හොඳ උපක්‍රමයක්. පාඩම් කරගන්නා දේ කෙටි සටහන් ලෙෂ ලියා කම්බියක රඳවනවනම් එයත් වටිනව. එවිට අමතක වුවොත් එහි දිනයක් යොදා තිබෙනවා නම් ඒ දිනේට අදාළ දේ නැවත මතක් කර ගන්න පුළුවන්. එසේම සිල් ගත්ත වගේ රූපවාහානී කොම්පියුටර්, අවශ්‍ය ගමන් බිමන්, දුම්පානය උත්සව, වගේ දේ බැහැර කරල පාඩම් කළොත් විභාග ජය ගන්න පුළුවන්.

දුවේ, පුතේ. සමහරෙක් කියයි. කට පාඩම් වැඩක් නෑ. කියලා. ඒ කිසිවත්ම පාඩම් නැති ටියුට් ගුරු වරු වෙන්න පුළුවන්. කොණ්ඩෙ තිබෙනවා නම් කොයි පැත්තටත් බැඳ ගන්න පුළුවන්. වලිගය ඇති ගොනාම මැස්සට බැට දුනී කියල තියනවා. එහෙම නම් මතකය අවශ්‍යයි. මතකය නැතිවෙන්න තවත් හේතුවක් තමයි වයසට උචිත නැති දේ කරන්න යෑම. ඒ නිසා මනමාලකම් පසෙක දමා ශිෂ්‍යයකු යැයි සිතා අධ්‍යාපන කටයුතු කරගත යුතුයි. ඔබ කියනව ඔබට පාඩම් හිටින්නෙ නෑ කියා. එය වැරදියි බලන්න ඔබට සින්දු කියන්න කියල ලැබුණොත් කොයි තරම් නම් කියනවාද? හරියට කැසටි රේකෝඩරයක් ගිල්ලා වගේ. එතකොට ඒවා මතක හිටියේ කොහොමද? ඒ වගේ තමයි වුවමනාව තිබේනම් ඔනෑම දෙයක් කළ හැකියි. ඕනැම දෙයක් ජයග්‍රහණය කරගත හැකයි. ඔබටත් හොඳ මතකයක් උදෙසා මේ කරුණු වගේම කාලසටහනකට අනුව වැඩ කරන්නත්, කරන්න පුළුවන් වැඩ කොටසක් පමණක් කිරිමට, තමන් අදහන ආගම ධර්මය දිනපතා පාඩම් වැඩට පෙර සිහි කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.

ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි.

No comments: