පුතාලා හිරේ වැටෙන්නෙ නෑ...
දුලගෙ හිරේ ඇරේන්නෙත් නෑ...
දුවේ, පුතේ, ඔබට ආගමක් තිබෙනව. එය බුද්ධාගම, කිතුණු ආගම, ස්ලාම් ආගම, හින්දු ආගම, වශයෙන් නම් කෙරෙන්න පුථවන්. මේ සෑම ආගමක් යහපත් ලෙස ජිවත්වීමේ කලාව කියා දෙනව. එය පුංචි කලෙ ඉඳල හුරු පුරුදු කරන්න තිබෙන ආයතනය තමයි දහම් පාසල. සෑම ආගමකම එ එ ආගමික මධ්‍යසථාන මුල් කරගෙන දහම් පාසල් පවත්වා ගෙන යනු ලබනව. දහම් පාසල දෛනික පාසලෙන් පරිභාහිර වු වක් ලෙස ගැනීම සාධරණයි. නේද. දෛනික පාසල තරගකාරී මිෂනාරී අධ්‍යාපනයක් තමයි ලබල දෙන්නෙ. එත්, දහම් පාසල එසේ නොවෙයි. එය අධ්‍යාත්මය, ඒ කියන්නෙ ඔබගෙ ඇතුලත, නැත්නැම් සිත සකස් කරණු ලබන්නක්.
වත්මන් දහම් පාසල් ඇතැම් විටක තරගකාරී ස්වාභාවයක් ගනු ලැබුවත්, මිෂනාරී ක්‍රමයට කාල පරිචෙජ්ද බෙදාගෙන පැවැත් වු වත්, සමස්තයක් ලෙස ගෙන බැලුවහොත් දරුවාගේ යහගුණ වඨිනයේ ලා මහගු මෙහෙවරක් ඉටුකරන බව කිවයුතුයි. සර්. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ශ්‍රී ලංකාව පැමිණ පන්සිල් ගෙන බුදු දහම නගා සිටුවී මෙහිලා පුරෙිගාමීව දහම් පාසල් ආරම්භ කළේ ඉතාම සද් චේතනාවෙන් යුතුව. බෞද්ධ දහම් පාසල් ආරම්භයෙන් අනතුරුව අනෙකුත් ආගමික දරුවන්ටත් එම වරප්‍රසාදය නිතතින්ම හිමිවුණා.
ස්වෙච්ජා ගුරුවරුන් වන දහම් ගුරුවරුන් කරන සේවය අගය කළ යුතුයි. ජාතික ඇඳුම වන සරම හා “ නැෂනල් එක” නමින් හඳුන්වන බැණියම පිරිමි ළමයිනුත්, ළමා සාරිය ගැහැණු දරුවනුත් ඇඳගෙන යන විට ඇතිකරන චමත්කාර ජනක චිත්තා කර්ශණීය, නයනා නන්දනීය දර්ශණය දේශානු රාගයත්, ආගමාලයත් ඇති කරවන සුථයි.
පුතේ, ජාතික ඇඳුම ඇඟ වැටුනම ඇති කරවන හැඟීම ඔබ වින්දනය කරල ඇති. එහෙම නැතිනම් කරුණා කරල මව් පියන්ට කියලා ජාතික ඇඳුමක් මස්සවගෙන අඳින්න. එය පුතාලට පුථවන්නම් පාසලේ ආගමික සමිතියට, සාහිත්‍ය සමිතියට අඳින්න බලන්න. මගුල් ගෙදරට, මළ ගෙදරටත් එය විශේෂයි. නිදහස් දිනේට අඳින්න අමතක කරන්නම එපා. දුවේ, ළමා සාරිය මස්සවන විට ඉන ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වැසෙන සේ මස්සවන්න. බලන්න එය ඇන්ද විට ඔබ මොනතරම් සංවර වෙනවද එ වගේම ලස්සනද ඔබ ලොකු දුවෙක් වුණාම සාරිය නැත්නම් ඔසරිය අඳින්න පුරුදු වෙන්න. එය දුටු විගසම ලෝකයෙ ඕනෑම කෙනෙක් දන්නව ඔබ ශ්‍රී ලාංකික කාන්තාවක් කියල. ඇයි ඔබට මේච්චර ලස්සන ශිෂ්ටවත් ඇඳුම් තිබෙද්දි බටහිර හෝ මැද පෙරදිග ගැති ඇඳුම් විලාසිතා පසු පස යන්නෙ. ඉන් මුදලත්, අපේකමත්, දෙකම නැති වෙනව පමණක් නොවෙයි ඇතැම් විට ශාරීරික හා මානසික වශයෙන් විවිධ කරදර වලට පැටලෙන්නත් පුථවන්.
දහම් පාසල් යන විට මල්, පහන්, තෙල්, බුද්ධ පුජාවට ආහාර කොටසක්, ගිලන්පසට ඖෂධ වර්ග රැගෙන යන්න අමතක කරන්න එපා. එ වගේම දහම් පාසල් යෑමට පෙර අම්මා තාත්තා වගේම ඔබෙි වැඩිහිටියන්ටත් වැඳළ යන්න. එ වගේම උදේ කෑම වේල වගේම දවල්ටත් ආහාර වේලක් ගන්නව නම් නිර්මාංස යමක්ම ගන්න. එ වගේම ඔබ බුදුන් වඳින විට දෑත නෙථම් පොහොට්ටුවක් සේ එකතු කොට නළළ මත තබල වඳින්න පුරුදු වෙන්න. මොන හේතුවක් නිසාවත් තෙරුවන් නමදින විට අන් වැඩවල නිරතවන්න එපා. ශබිද නගල ගාථා කියන්නත් පුරුදු වෙන්න ඕන.
පාවහන්, හිස්වැස්මවල්, පංසලට ඇතුථ වන විටම ගලවල ආරක්‍ෂිත තැනක තබන්න. ඔබ පාපැදියකින්, යතුරු පැදියකින් යනවනම් පන්සලේ දොරටුව සමීපයේ දීම ඉන් බැහැල යන්න පුරුදු වෙන්න. විහාරෙ, චෛත්‍යය, බුදුගේ වගේම අනෙත් සෑම තැනම පිරිසිදුව තබන්න. මොන හේතුවක් නිසාවත් පන්සල් භූමියෙ ක්‍රිඩා කරන්න එපා. දුවේ, පුතේ, පන්සල කියන්න ශුද්ධ භුමියක්. එමෙන්ම බුද්ධ, ධම්ම, සංඝ කියන තුරුණුවනම වැඩ ඉන්න තැන, එතැන අපි කොච්චර සංවර වෙන්න ඕනෑ.
බොහෝ ජාතික මට්ටමේ අමිශ්‍ර පාසල් වලට යන ළමුන්, ඒ කියන්නෙ පිරිමි, ගැහැණු වශයෙන් බෙදි සිටින පාසල් වළ ළමුන් ඇතම් විට දහම් පාසලට එන්නෙ ගැහැණු හෝ පිරිමි වශයෙන් ප්‍රතිවිරුද්ධ අයෙකු සමග මිත්‍රවීමේ බලාපොරොත්තුවෙන්. එම නිසා දහම් පාසල් මගුල් මඩුවක ස්වරුපය ගන්නා අවස්ථාද වේ. දහම් පාසල් එන සෑම දරුවෙක්ම අනෙක් ළමයින් තම සහෝදර සහෝදරියන් සේ සළකා අනිසි යෝජනා චෝදනා නෙකොට ගෞරවණිය බැඳිමත් ඇතිකර ගත යුතුයි. රණ්ඩු, අඬ දබර වලින් තොරව ක්‍රියා කළ යුතුයි.
දහම් ගුරුවරයාද වේවැලකින් තොරව ආදරයෙන් දුවේ, පුතේ, යන ආමනත්‍රනයෙන් තම සිසු කැලට ශිල්ප ශාස්ත්‍ර ලැබ දිය යුතුයි. පන්සලේ ලොකු හාමුදුරුවො නිරොගීව සිටීනම් අනිවාර්‍යයෙන්ම දහම් පාසලට යා යුතුයි. ඉගැන්විය යුතුයි. එය දරු දැරියන් ගෙ චරිත සංවඨිනයට රුකුලක් වේවි. එසේම දුවේ, පුතේ ප්‍රයෝගිකවම බණ අසන්න, පිරිත් අසන්න උදේ සවස බුදුන් වැඳ පිරිත් කියන්න. භාවනා කරන්න. සිල් ගන්න. දන් දෙන්න ප්‍රායෝගිකවම පුරුදු විය යුතුයි. අම්ම තාත්තා දුකක් නොදී හොදින් ඉගෙනී මම දහම් දරුවගෙ යුතුකමයි. එහෙම වුණොත් දහම් පාසල් යන පුතා කවදාවත් හිරේ විලංගුවෙ වැටෙන වැඩ කරන්නෙ නැහැ. කොටින්ම කියනවනම් දහම් පාසල් යන දරුව බන්ධනාගාර ගත වන්නෙ නැහැ. එසේම දහම් අධ්‍යාපනය ලබන දුවකත් කසාදයක් බැඳි කල එය දික්කසාදයන් කරගෙන “හිරේ ඇරිල” එන්නේත් නැහැ. මේ නිසා දුවේ, පුතේ, දහම් පාසල් යන්න. උපකාරක පංති නිසා දහම් අධ්‍යාපනය නැති කර ගන්න එපා. මොකද අනාගතයෙ විවාහයකදි කපු මහත්වරු අසන්නෙත්, මංගල යොජනා තීරුවල සඳහන් කරන්නෙත්, දහම් පාසල් අවසානය සමත් පුතුට හෝ දුවට දහම් පාසල් අවසානය හො ධර්මාචාර්ය විභාගය සමත් සහකරුවෙක්, සහකාරියක අවශ්‍යයි කියලයි. මෙය නිති සිහි තබා ගන්න.
ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
Sunday, June 3, 2007
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment